2023 මැයි 20, ප.ව. 2:57
බොරැල්ල ලෙස්ලි රණගල මාවත දුම්රිය හරස් මාර්ගය අසල දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (20) උදෑසන වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ 53 හැවිරිදි වියේ පසු වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51