hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 මැයි 22, පෙ.ව. 7:15



අලුතින් පත් කිරීමට නියමිත ආණ්ඩුකාර ධූර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද නම් තුනක් යෝජනා කර ඇතැයි වාර්තා වනවා.

මීට අමතරව දැනට සිටින ආණ්ඩුකාරවරුන් කිහිපදෙනකු වෙනස් නොකරන ලෙසටද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග පවසනවා.

වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට පසුගියදා පත්කෙරුණු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කළ අයෙකු බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුකාර තනතුරු කිහිපයක් වෙනස් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ජනාධිපතිවරයා සුබවාදී ප්‍රතිචාර දක්වා ඇතැයිද එය සතුටට කරුණක් යැයිද එම පක්ෂයේ ප්‍රබලයෙකු සඳහන් කළා.

වයඹ, උතුර සහ නැගෙනහිර පළාත්වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී පසුගිය 17 වැනිදා දිවුරුම් දුන්නා.