hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 මැයි 22, ප.ව. 12:44



ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ලබන 24 වනදා පාර්ලිමේන්තු සැසිවාරයට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා.

මේ සඳහා ඉරි තුනේ නිවේදනය නිකුත් කරන අතර, එම නිවේදනයට අනුව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවුනහොත් ඊට මන්ත්‍රීවරුන් විසින් නිදහසට කරුණු දැක්වීම සිදු කළ යුතු වන බවයි වාර්තා වන්නේ.

මෙම නිවේදනය නිකුත් කළ විට මන්ත්‍රීවරුන්ට විදෙස් සංචාර සඳහා ද තහනමක් පැනවෙනවා.

මැයි මස 24 වන දින මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර එදින පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මෙම විවාදය සම ඡන්ද විමසීම ඉතා වැදගත් බැවින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට එදිනට සහභාගි වීම අනිවාර්ය කර ඇති බවයි සඳහන් වන්නේ.

අයවැය ඡන්ද විමසීම ඇතුළු විශේෂ පනත් සම්මත කරන අවස්ථාවලදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් මෙවැනි ඉරිතුනේ නිවේදන නිකුත් කිරීම සිදුවන බවයි වාර්තා වී ඇත්තේ