hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 මැයි 22, ප.ව. 1:06


සයිනොපෙක් සමඟ ගිවිසුම අත්සන් කරයි

ලොව විශාලතම ඛනිජ තෙල් සමාගම් 05 අතරට ගෙන එන චීනයේ සයිනොපෙක් සමාගම සමග ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීමේ ගිවිසුමකට අද (22) අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

සයිනෝපෙක් ෆුවල් ඔයිල්, ලංකා පුද්ගලික සමාගම, චීනයේ එහි මව් සමාගම සහ සිංගප්පූරුව සමග ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය සඳහා දීර්ඝ කාලීන ගිවිසුමකට එමගින් එළඹුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

කැබිනට් අනුමැතියෙන් පත් කළ විශේෂ කමිටුවක් චීන සයිනොපෙක් සමාගම සමග පැවැත් වු සාකච්ඡාවලින් අනතුරුව ලබාදුන් නිර්දේශවලට අනුව එම ගිවිසුමට එළඹී තිබෙනවා.