2022 මැයි 15, පෙ.ව. 11:07
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (14) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැය 4කට අධික කාලයක් පවත්වා තිබෙනවා.
එම රැස්වීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 100ක් පමණ සහභාගී වී ඇති අතර අනෙක් මන්ත්‍රීවරුන් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය හේතුවෙන් නොපැමිණි බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් එම රැස්වීමට රාජපක්ෂ පවුලේ මන්ත්‍රීවරුන්ගෙන් පැමිණ ඇත්තේ බැසිල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් දෙපල පමණයි.
ඒ සඳහා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෝ නාමල් රාජපක්ෂ මහතා සහභාගී වී නෑ.
සියලු මන්ත්‍රීවරුන්ට විශේෂ ආරක්ෂාව ලබා දී තිබූ අතර ජනාධිපති මන්දිරය අවටත් ආරක්ෂාව තර තිබූ අයුරු දක්නට ලැබුණා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36