2023 මැයි 23, ප.ව. 3:53
රටේ මූල්‍ය ප්රශ්නය සමනය වන තුරු අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර පහකට නවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසුවා.
රටේ තියන වාහන හොඳටම ප්‍රමාණවත් බවද ඔහු සඳහන් කළා.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය ඇතුළු බදු නියෝග කිහිපයක් පිළිබඳ විවාදයේදීයි.
හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසුවා.
“අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර පහකට නවත්වන්න කියලා ඉල්ලනවා. රටේ මේ තියෙන වාහන හොඳටම ඇති. අධි සුඛෝපභෝගී වාහන සඳහා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් යනවා. විදේශ වත්කම් පහත වැටෙන්න ඒක ප්‍රධාන හේතුවක්. පළාත් පාලන මැතිවරණයට ඉල්ලූ රාජ්‍ය සේවකයන් විශාල පිරිසකට මාස පහක් තිස්සේ වැටුප් නැහැ. මේ පිරිසෙන් ඉදිරි කාලයේදී සිය දිවි නසා ගැනීම් වාර්තා වෙන්න පුළුවන්. රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය නැවතිලා තියෙන්නේ. රජය මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද. ඒ වැඩපිළිවෙල නැවත ආරම්භ කළ යුතුයි.”
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39