hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 24, පෙ.ව. 10:18



එළැඹෙන ජුනි 21 වැනිදා කැනඩාවේ සමූල ඝාතන දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් ස්ථීර කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.

පසුගිය 18 වැනිදා ශ්‍රී ලංකාවේ සමූල ඝාතන දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස කැනඩා අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය රටට දැඩි අපකීර්තියක් අත්කර දුන් බවත් කැනඩාවද එම රටේ මුල් අයිතිකාරයන් වූ රතු ඉන්දියානුවන් සමූල ඝාතනය කළ බවද, නොවූ සමූල ඝාතන නොව සැමරිය යුත්තේ සත්‍ය ලෙසම සිදු වූ සමූල ඝාතන බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා සඳහන් කළා. 

කැනඩා මුල් පදිංචිකරුවන් සමරන දිනය යෙදී ඇත්තේ ජුනි 21 බවද එම නිසා එම දිනය කැනඩාවේ සමූල ඝාතන සිදු වූ දිනය ලෙස සැමරිය යුතු බවද වීරවංශ මන්ත්‍රිවරයා පැවැසුවා.