hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2023 මැයි 25, පෙ.ව. 3:10



මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් සහ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව ඊයේ (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46කින් සම්මත වුණා.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් හිමිවූ අතර, විරුද්ධව හිමිවූයේ ඡන්ද 77ක් පමණයි.

ඒ අනුව ජනක රත්නායක මහතාට මෙතැන් පටන් එම කොමිසමේ සාමාජිකත්වය අහෝසි වනු ඇති. 

එම ඡන්ද විමසීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද එම යෝජනාවට පක්ෂය ඡන්දය ප්‍රකාශ කළා.

විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ කුමාර වෙල්ගම, වඩිවේල් සුරේෂ් හා ඒ.එච්.එම්.ෆවුසි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් ද යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.