hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2023 මැයි 26, පෙ.ව. 3:23



ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සඳහා වෙනත් බාහිර ආයතන යොදාගන්නා බවට පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරමින් සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සමාගම එහිදී සඳහන් කර ඇත්තේ මෙරට තුළ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හෝ එම ව්‍යාපාරය සඳහා කිසිදු බාහිර ආයතනයක් හෝ තුන්වන පාර්ශ්වයක් සම්බන්ධ කරගෙන නොමැති බවයි. 

එමෙන්ම සිය ඉන්ධන පිරවුම්හල් සේවා බලපත්‍ර අයිතිය වෙනත් කිසිදු පාර්ශ්වයකට පැවරීමට සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම අදහස් නොකරන බවත් සිය සන්නාමයේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීම සඳහා තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් නිවේදනයේ සඳහන් වෙනවා.