hit counter

2025 දෙසැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 28, පෙ.ව. 7:40



කොළඹ නගර සභාවේ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයට පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

යහපාලන රජය සමයේ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සේනානායක මහත්මිය කලක් මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙසද කටයුතු කළා.