hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2023 මැයි 29, පෙ.ව. 2:05



මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීම්වලට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් යන නෞකාවල ගිනි නිවීම් සඳහා ලබාගත් සහාය වෙනුවෙන් ඉන්දිය රජයට  මුදල් ගෙවීමට සිදුව ඇති බවට විවිධ වාර්තා පළ වුණා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඒ බව සඳහන් කළා.

නමුත් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවෙන් එලෙස වන්දියක් ඉල්ලූ බවට පළවන වාර්තා සාවද්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා පසුගියදා යළි ප්‍රතිචාර දක්වා තිබුණා.