hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 මැයි 30, ප.ව. 4:49



“එහෙට මෙහෙට පැන පැන ඉන්නවාට වඩා ජනතාව ඡන්දය දුන්නා නම් ඡන්දව දිපු පැත්තේ ඉදගෙන ඒ වැඩේ හරියට කරන්න ඕන.” යැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවා.

ගාල්ලේ දි පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමතිවරිය මෙසේද සඳහන් කළා.

“ආපු තැන වැඩේ කරගෙන ඉන්නේ නැතිව අරහේ යන්නයි මෙහෙ යන්නයි. මට නම් ඔවා එකක්වත් කරන්න බැහැ. ඔය එක එක්කෙනා එක එක එවා ගන්න  අවශ්‍ය වු විට පොඩි තර්ජන ගර්ජන දානවා නේ දරුවන්ගේ මන්දපෝෂණ තත්වය අතින් ගාල්ල දිස්ත්‍රික්කය දෙවැනි තැනට පත්වෙලා තියෙනවා.මම ඒ ගැන එදා කම්පාවට පත්වුනා. දැන් කම්පාවෙලා වැඩක් නැහැ. දරුවන්ට උදව් කළ යුතුයි. දරුවන් පාසලට පැමිණිම අනිවාර්ය නොකළහොත්  මේ ප්‍ර දේශවල නුගතුන් විශාල පිරිසක් බිහිවිමට ඉඩ තියෙනවා. මේ ප්‍ර දේශවල අය තේ වතුවල වැඩකරන්න යනවා. පවුල් ඒකක බිද වැටිලා. පවුල් පසුබිම පිළිබද අවබෝධයක් නැහැ.ඒ නිසා පාසල් එන්නේ නැහැ. විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට කරන්න දෙයක් නැහැ. දරුවන්ට පාසල් නිල ඇදුම් නැහැ.සපත්තු නැහැ. කන්න නැහැ. කොහොමද පාසල් එන්නේ ඇත්තටම මෙක පුදුමාකාර ප්‍රශ්නයක්. ගාල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල් රැසක් තියෙනවා. දරුවන්ට සිදුවන හිංසන හා ලිංගික අතවර වැඩිවෙලා තියෙනවා.” යැයිද රාජ්‍ය ඇමතිවරිය වැඩිදුරටත් සදහන් කළා.