hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2023 මැයි 31, පෙ.ව. 8:01



මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති විවාදයේ දී ඡන්ද විමසීමේදී පක්‍ෂයේ මතයට පටහැණිව කටයුතු කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් සහ වඩිවේල් සුරේෂ් මහතාගෙන් නිදහසට කරුණු විමසා තිබෙනවා.

රාජිත සේනාරත්න මහතා ඡන්ද විමසීමට නොපැමිණිමත් වඩිවේල් සුරේස් මහතා යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දීමත් සම්බන්ධයෙන් දින හතක් ඇතුළත ‍පිලිතුරු ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් දැනුම් දී තිබෙනවා.