hit counter

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 31, පෙ.ව. 10:41



වර්තමාන ඇමැති මණ්ඩලයේ පුබ්බඩයන් කිහිපදෙනකු සිටින බවත්, එම තත්ත්වයට තමාට වැටීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පැවැසුවා.

තමා දිගාමඬුල්ල දිස්ත්‍රික්කයේ පළමුවැනියට මනාප ගෙන පාර්ලිමේන්තුවට පැමිණි බවත්, මේ වන විට තමාට ආණ්ඩු පක්‍ෂයේ තනියම වාඩිවී සිටින්නට පාර්ලිමේන්තුව තුළ සිදුව ඇති බවත් විමලවීර දිසානායක මන්ත්‍රිවරයා සඳහන් කළා.

නිකමකු ලෙස තමාට ආණ්ඩු පක්‍ෂයේ සිටීමට සිදුවී ඇති අතර එයට තමා බෙහෙවින් අකැමැති බවද ඊයේ (30) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවකදී විමලවීර දිසානායක මන්ත්‍රිවරයා පැවැසුවා.