hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 මැයි 31, පෙ.ව. 10:49



බුදු දහමට අපහාස කළ නතාෂා නමැත්තිය බුදු දහමට එරෙහිව කටයුතු කිරීමට ඇමරිකාව විසින් සැලසුම් සහගතව ගොඩනඟා වේදිකාගත කළ තැනැත්තියක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පැවැසුවා.

අදාළ තැනැත්තිය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක සේවය කළ තැනැත්තියක් බවත් ඊට අමතරව USAID ආයතනයේද සේවය කළ තැනැත්තියක් බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා සඳහන් කළා.

“සුද්ධෝදනගේ කොලුවා” කියමින් බුදු දහමට ගරහන්නේ එවැනි චරිත බවද මෙම මෙහෙයුම් අහිංසක මෙහෙයුම් නොවන බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා කියා සිටියා.

විමල් වීරවංශ මන්ත්‍රිවරයා මෙම අදහස් පළකළේ ඊයේ (30) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.