hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 01, පෙ.ව. 10:43



ඖෂධ හිඟය හේතුවෙන් හිඟුරක්ගොඩ දිසා රෝහලේ සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු හා දියවැඩියා සායන වලට පැමිණෙන රෝගීන් මෙන්ම බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්ද පීඩාවට පත්ව සිටිනවා.

රෝගීන් බෙහෙත් නොමැති වීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“මේ ඉර ගහලා පෙන්නලා තියෙන්නේ කඩෙන් සාප්පුවෙන් ගන්න කියලා මේ බෙහෙත. සාප්පුවෙන් ගන්න කියලා මේ බෙහෙත තියෙන්නේ. මේ බෙහෙත ගන්න මට එච්චර වත්කමක් නෑ. මේ මේ වෙලාවේ මං බොහොම අමාරුවෙන් මගේ අර මුණුබුරෙක් ඉන්නවා. එයාගෙන් තමයි රුපියල් තුන්සීයක් ඉල්ලගෙන අද මේ ක්ලිනික් එකට ආවේ.”

“දුප්පත් අපිට බෙහෙත් ගන්න වත්කමක් නෑ සල්ලි දීලා. අපි ඉතින් ෆාමසියෙන් ගන්නේ නෑ. ඉස්පිරිතාලේ දෙන එක තමයි බීලා නිකන් ඉන්නේ. බෙහෙත් වර්ග නෑ. ගිය සැරේ සීනි, බෙහෙත් එහෙම තිබ්බෙම නෑ.”

“ඉන්සියුලින් නැහැ කියලා තමයි කට්ටිය කිව්වේ. දැන් මෙහෙ බ්ලඩ් ටෙස්ට් කරනවත් අඩුයි. දැන් පහුගිය කාලේ නම් කොලෙස්ටරෝල් ඒවා හිටන් කරා. දැන් ඒවා කරන්නේ නෑ ඒ ඕන කරන කෙමිකල්ස් නැහැ කියලා.”

“එක වර්ගයක් තමයි මේ සීනි වලට ගන්න බෙහෙත් වල කඩෙන් ගන්න කියලා කියන්නේ. ඒක හැම මාසෙම මෙහෙ නෑ කියලා කියනවා.”

“කනේ බැලන්ස් එකට අරවා මේවාට ගත්ත බෙහෙත්. ඒවා ඉතින් මේ ඉස්පිරිතාලේ නෑ. ෆාමසියෙන් තමයි ගන්ඩ ලියලා දෙන්නේ. බෙහෙත් වල මිල ඉතාම අධිකයි. මේ විදිහට ගියොත් බෙහෙත් නැතුව මිනිස්සු සමහරවිට මැරෙන්නත් ඉඩ තියෙනවා.”

“නිර්වින්දන බෙහෙත්වත් මෙහෙ ගන්න විදිහක් නෑ. ගන්නවනම් ගන්න ඕනේ ප්‍රයිවට් අරන් එන්න ඕනේ සල්ලි දීලා. එහෙම ඉතින් ගන්න ගියොත් එහෙම රුපියල් පන් හයදාහක් වෙනවා. පිටින් ගන්න ගියොත් එහෙම නිර්වින්දන බෙහෙත්. එක්ස්රේ කාඩ් හිටන් නෑ මෙහෙන් ගන්න.

“ලියලා දෙන්නේ අපිට ෆාමසියකින් ගන්න කියලා තමයි ලියලා දුන්නේ. හොස්පිටල් එකෙන් දුන්නා. ෆාමසියෙන් ගන්න අය දුන්නා බෙහෙත් වර්ග.”

“පිළිකා බෙහෙත් ගත්තේ සල්ලි වලට මේ මාස දෙකේම.”

“කට්ටිය දාහ පන්සීය දෙනවා. එහෙම දීලා එකතු කරගෙන ඉඳලා තමා. සර් ටික ගත්තේ. දැන් ඉතින් අනිත් බෙහෙත් කරගන්න විදිහක් නෑ.”

“මේ මේ පාර බෙහෙත් එකට දහනමයක් ගියා. ඉස්පිරිතාලේ නැහැ ඒ බෙහෙත් එක ෆාමසියෙන් ගන්න ඕනේ.”