hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 02, පෙ.ව. 12:10



ජංගම දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ නීති ලිහිල් කීරිම නිසාවෙන් ඉදිරියේදී ජංගම දුරකථන වල මිල අඩුවෙනු ඇති බව වාර්තා වනවා.

 මහ බැංකුව විසින් භාණ්ඩ වර්ග 843ක් ආනයනය කිරීමේ දී පනවා තිබූ මුදල් ආන්තික අවශ්‍යතාව හෙවත් එම භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකමට මුදල් තැන්පතු සීමාව ඉවත් කරන බව නිවේදනය කළේ.

විශේෂයෙන්ම පැවති උද්දමනයත් ජංගම දුරකථන ආනයනය සීමා කිරීමත් මත  ජංගම දුරකථන මිළ ඉතා ඉක්මනින් ඉහළ යාම සිදුවුණා.