2022 මැයි 16, ප.ව. 12:31
ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 10ක නායකයින්ට සහ ස්වාධීන පිරිස් වෙත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරාධනාවක් කර තිබෙනවා.
ඒ, වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තමන් සමඟ සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන ලෙසයි.
අගමැතිවරයාගේ ආරාධනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන් තමන්ගේ සහාය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දෙන බවට ප්‍රකාශ කළා.
එමෙන්ම කිසිදු ධුරයක් හෝ තනතුරක් භාර නොගෙන රට ගොඩනැගීමට අග්‍රාමාත්‍යවරයා සමග සුහදව කටයුතු කිරීමටත්, ඒ සඳහා සහයෝගය ලබාදීමටත් පක්ෂ 10යේ එකමුතුව අද තීරණය කළ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36