hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ජූනි 02, ප.ව. 3:34



මෙරට රත්‍රං මිල ගණන් සතියක් තුළ රුපියල් 5,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.

ඒ අනුව අද (02) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 147,000 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

පසුගිය සතියේ සිකුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 152,600ක් ලෙසයි.

මේ අතර සිකුරාදා රු. 165,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 159,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.