hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 07, පෙ.ව. 11:59


කොටුව උසාවිය ඉදිරිපිට විරෝධයක් – පුද්ගලයෙකු වහාම ඉවත් කරයි

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නතාෂා එදිරිසූරිය සහ නතාෂා එදිරිසූරිය නමැත්තියට අනුබල ලබා දුන්නේ යැයි කියන බෘනෝ දිවාකර නිදහස් කරන්නයි ඉල්ලා කොළඹ ක්‍රියාකාරී කමිටුව ලෙස කණ්ඩායමක් කොටුව උසාවියට පිවිසෙන ස්ථානයේ විරෝධතාවයක නිරත වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

බෲනෝ සහ නතාෂා නිදහස් කරන ලෙසයි ඔවුන් පුවරු රැගෙන විරෝධතාවය නිරත වුණේ.

මෙම විරෝධතාවයට විරෝධය පාමින් පුද්ගලයෙක් එම ස්ථානයට පැමිණි අතර පොලිසිය විසින් ඔහු ඉවත් කරනු ලැබු බව වාර්තා වෙනවා.