hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 07, ප.ව. 5:54



තමා සමගි ජනබලවේගයේ උප ලේකම් ධුරයෙන් ඉවත් වූ බවට තම ලිපි ශීර්ෂය සහ අත්සන හොරට යොදා සමගි ජන බලවේගය දිස්ත්‍රික් උසාවියකට කූට ලේඛනයක් ලබාදී ඇතැයි රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ ඩයනා ගමගේ මහත්මිය අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවයි.

“මම පාර්ලිමේන්තුවේ නැති අවස්ථාවේ මගේ නම කියලා අසත්‍ය ප්‍රකාශයක් කරලා තියෙනවා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය. එතුමිය කියලා තියෙනවා අපි කූට ලේඛනයක් ඉදිරිපත් කරා කියලා. මම පැහැදිලිව කියනවා ඒ ලේඛනය අපි ළඟ තියෙනවා ඔරිජිනල් එක. මම රජයේ රස පරීක්ෂකගෙන් ඉල්ලා සිටිනවා, ඒ වගේම සී.අයි.ඩී එකෙන් දාලා මේකේ එයාගෙ අත්සන නැවත පරීක්ෂා කරන්න කියලා.” යනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළා.