hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 08, ප.ව. 3:53



ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් පුද්ගලික ප්‍රශ්නයක් නොමැති බවත් කුට ලේඛණ සකස් කලැයි සමගි ජන බලවේගයට චෝදනා කළ බවත් නලින් බණ්ඩාර මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඉල්ලා අස්වීමේ ලිපියක් භාර දී ඇති බවට රූපවාහිනී වැඩසටහනක මන්ත්‍රීවරිය සඳහන් කළ බවත් ඊයේ පාර්ලිමේන්තුවට පැමිණ බොරු ප්‍රකාශ කළ බවත් සඳහන් කර සිටියා.

“දිව දෙකක් තියෙනවද කියලා නම් මම දන්නේ නැහැ එතුමියට. රටේ නීතියයි පාර්ලිමේන්තුවේ නීතියයි දෙකම හෑල්ලුවට ලක් වෙනවා පුරවැසිභාවයක් නැති ද්විත්ව පුරවැසිභාවයක් නැති බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් හිමි මන්ත්‍රීවරියක් ආරක්ෂා කරන බවට පාර්ලිමේන්තුවටත්, අධිකරණ පද්ධතියටත්, පොලිසියටත් අද බරපතල තත්වයක් තියෙනවා.” යනුවෙන්ද සඳහන් කළා.

“හරි විදියට නම් මේ මන්ත්‍රීතුමිය ඉන්න ඕනේ මිරිහානේ. මිරිහානේ තමයි තියෙන්නේ මේ පුරවැසිභාවය සම්බන්ධයෙන් නෛතිකව කටයුතු නොකරන අයට ඉන්න තියෙන නිවස්නය.මිරිහානේ ඉන්න ඕනේ මන්ත්‍රීතුමිය මේ පාර්ලිමේන්තුවට ඇවිත් තව තර්ජන ගර්ජනත් කරනවා.අනාගතයේ අපේ රජයක් යටතේ ඇයට දඬුවම් දෙනවා.” යනුවෙන් කියා සිටියා.