hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 09, පෙ.ව. 9:32



පුරප්පාඩුව පවතින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් (කාර්ය මණ්ඩල ප්‍රධානි) තනතුරට සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා අයැදුම්පත්‍ර කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (08) තීරණය කළා.

එම තනතුර සඳහා ඉදිරිපත් වන අයැදුම්කරුවන් සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය ද ඊයේ නම් කළ බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවා.

එම සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළත් කළ යුතු බවට තමා ඉදිරිපත් කළ යෝජනාව අනුමත වූ බවත් ඒ අනුව අගමැති, විපක්‍ෂ නායක, ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ඇතුළත් වන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළා.