hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 10, ප.ව. 2:26



ජූලි 10 වනදා වන විට දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් නොලැබුණොත් ජාත්‍යන්තරයට යන බව මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා සඳහන් කළා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

දෙමළ ජනතාවගේ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළද ඊට මේ දක්වා කිසිදු විසඳුමක් ලැබී නොමැති බවත් ජූලි මාසයේ 30 දක්වා ජනාධිපතිවරයාට කාලය ලබා දී ඇති බවත් කියා සිටියා.

ජනාධිපතිවරයා මෙම ගැටළු විසදීමට අපොහොසත් වුවහොත් ඉන්පසු ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවද සඳහන් කළා.