hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 ජූනි 11, ප.ව. 3:42


වීදුරු කටු ඇනී මියගිය දරුවාගේ සීයාට අධිකරණය දුන් නියෝගය

මුල්ලේරියාව – හල්බරාව ප්‍රදේශයේ වැඩබිමකදී පස් හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දරුවාගේ සීයා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් තේමින්ද පෙරේරා හමුවට අද(11) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ දරුවාගේ සීයා ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහරින ලෙසටයි.

මීට පෙර සිද්ධියට අදාළව 51 හැවිරිදි තණකොළ කැපීමේ නිරතවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

මේ අතර දරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.