2023 ජූනි 12, පෙ.ව. 9:02
විපක්ෂයේ ප්‍රධාන ධාරාව වන සමගි ජන බලවේගය මුල් කරගත් පුළුල් දේශපාලන ධාරාවක් ගොඩනඟන බවත් එය මුල්කරගෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට ආමන්ත්‍රණය කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසුවා.
රටේ විපක්ෂයේ සියලු බලවේග එකතු කරපු පුළුල්ම සන්ධානය ඒ අනුව හදා මේ ආණ්ඩුව පරද්දන බවද ඔහු සඳහන් කළා.
කවුරුන් සමඟ පෑහෙනවාද කවුරුන් සමඟ නොපෑහෙනවාද යන්න නොව බලවේග වැඩ කරන ආකාරයට පමණක් දේශපාලනය තීරණය වන බවද මන්ත්‍රිවරයා සඳහන් කළා.
ඔහු මෙසේද සඳහන් කළා.
“අපි විපක්ෂයේ පුළුල් දේශපාලන සන්ධානය හදන්න අවශ්‍යයි කියලා ඉතා පැහැදිලි මතයක ඉන්නවා. ඒ සමගි ජන බලවේගය ඇතුළුව. දේශපාලනය කියන්නේ වෙන අයට ඕන විදිහට වැඩ කරන එක නෙමෙයි. අපි මේ රටේ ජනතාව සමඟ විවිධ සාකච්ඡා කරමින් කියන්නේ විපක්ෂයේ ප්‍රධාන ධාරාව කියන්නේ සමගි ජන බලවේගය. විපක්ෂයේ ප්‍රධාන ධාරාව මුල් කරගත්ත පුළුල් දේශපාලන ධාරාවක් හදන්න ඕන. ඒ පළල් දේශපාලන සන්ධානය තමයි අප ආමන්ත්‍රණය කරන්නේ. ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට.
අපි දේශපාලනය කියන්නේ අරගොල්ලො මේගොල්ලො එක්ක පෑහෙනවාද? නැද්ද? වගේ සරල තැනකින් ගන්න බෑ. ප්රතිපත්තියකට එකඟ වෙලා මේ රටේ විපක්ෂයේ සියලු බලවේග එකතු කරපු පළල්ම සන්ධානය හදලා මේ ආණ්ඩුව පරද්දනවා. ඒක තමයි අපේ ක්‍රියා මාර්ගය. ඒක ඊළඟ ජනාධිපතිවරණයෙන් ආරම්භ කරලා මහ මැතිවරණය දක්වා ගිහිල්ලා මේ රටේ අලුත් දේශපාලන ආකෘතියක් දේශපාලන යාන්ත්‍රණයක් අපි හදනවා.
විපක්ෂයේ නම්බර් එකක් විධියට ගත්තාම අප ලොකු කණ්ඩායමක්. අපේ මන්ත්‍රිවරු දහතුන් දෙනෙක් ඉන්නවා. ඊළඟට පොහොට්ටුව ඇතුළෙත් යම් කණ්ඩායමක් ඉන්නවා අපත් සමඟ සංවාද කරමින්. එමෙන්ම විපක්ෂයේත් කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. එහෙනම් රනිල් වික්‍රමසිංහ කියන්නේ එක්කෙනෙක් නේ. රනිල් වික්‍රමසිංහ අපට සාපේක්ෂව 13ට එකයි. බලවේග වැඩ කරන විදිහට තමයි දේශපාලනය තීරණය වෙන්නේ” යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසුවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39