hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2023 ජූනි 12, පෙ.ව. 11:03



මැයි මාසය තුළ ඩොලර් මිලියන 479.7ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ශ්‍රී ලංකාවට ලැබී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

පසුගිය වසරේ මැයි මාසය හා සැසඳීමේ දී එය ඩොලර් මිලියන 175ක වැඩිවීමක්.

එමෙන්ම මේ වසරේ ගතවූ මාස පහක කාලසීමාව තුළ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 2,346.9ක ආදායමක් ලැබී ඇති බව මහ බැංකු වාර්තා සඳහන් කළා.

පසුගිය වසරේ මුල් මාස පහ තුළ ලැබුණු ඩොලර් මිලියන 1,335.6ක ආදායමට සාපේක්ෂව එය 75.7%ක වර්ධනයක්.