hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 12, ප.ව. 12:02



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අමාත්‍ය ධූර ලබාදීම සඳහා නිර්දේශ කරන ලද ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන්ට දැන්ම ඇමැති ධූර ලබාදිය නොහැකි බව ආණ්ඩුව නිල වශයෙන් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

එම මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකවම මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

එස්.බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, සනත් නිශාන්ත, ගාමිණී ලොකුගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් මෙම දැනුම්දීම සඳහා ආණ්ඩුවේ ඉහළ පෙළේ කාර්යාලයකට පෞද්ගලිකවම කැඳවා තිබූ බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය පදවි දැන්ම ලබා දිය නොහැකි වුවත් ඔවුනට ස්වකීය දේශපාලන කටයුතු කරගෙන යාමට අවශ්‍ය සෙසු පහසුකම් සලසා දිය හැකි බව ආණ්ඩුවෙන් ලැබුණු පණිවුඩයේ සඳහන්.