2023 ජූනි 12, ප.ව. 9:28
කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රදේශිය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශිය ලේකම් කොට්ඨාස සඳහා අදියර එක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඇලපාත, කලවාන, පැල්මඩුල්ල සහ අයගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා ද අදියර එක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා.
මේ අතර දිවයිනේ නිරත දිග කොටසේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි වෙනවා.
මීට අමතරව ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, එම නිවේදනයේ සඳහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ත් 45 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.