hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 13, පෙ.ව. 11:47



නීති විරෝධී ලෙස රත්රන් තොගයක් රැගෙන එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි අලි සබ්‍රි රහීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස මන්ත්‍රිවරු පිරිසක් විසින් කළ ඉල්ලීම පක්‍ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසුවා.

අලි සබ්‍රි රහීම් මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ, ආචාරධර්ම සංග්‍රහය යටතේ පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා  මන්ත්‍රිවරු තිස් දෙනකු විසින් කථානායකවරයා වෙත ඉකුත් සතියේ ලිපියක් ඉදිරිපත් කරනු ලැබුවා.