hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ජූනි 14, පෙ.ව. 10:45



කෝටි තුනක ආදායම් බදු ගෙවීම පැහැර හරින ලදැයි කියන හිටපු අමාත්‍යවරයකු වන සජින් වාස් ගුණවර්ධන මහතා පදිංචි නව ලිපිනය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඊයේ (13) නියෝග කළා.

සැකකාර පුද්ගලයා නිවෙස අතහැර ගොස් ඇති බැවින් අධිකරණ ලිපිය ඔහුට භාර දීමට නොහැකි බවට පිස්කල්වරයා අධිකරණය වෙත කරන ලද දැනුම්දීමක් අනුව එසේ නියම කෙරුණා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පවරණ ලද නඩුවකට අනුව එම නියෝගය කළා.