hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2023 ජූනි 15, ප.ව. 3:50


“බිපොර්ජෝයි” දරුණුයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

නැඟෙනහිර – මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින ‘බිපොර්ජෝයි’ චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මුහුද ඉතා රළු විය හැකි නිසා එම ප්‍රදේශයේ ධීවර කටයුතු නොකරන ලෙසත්, මේ වනවිටත් එම ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකරනවා නම් වහාම ගොඩබිමට පැමිණෙන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙන තෙක් ධීවර හා නාවුක කටයුතු සිදු නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

සුළි කුණාටුවේ බලපෑම නිසා උතුරු අක්ෂාංශ 16 ත් 25 ත් සහ නැඟෙනහිර දේශාංශ 62 ත් 72 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 140 ත් 150 ත් අතර පැවතිය හැකි බවත් එය ඇතැම් විට පැයට කිලෝමීටර 160 ක් 170 ක් දක්වා වැඩිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.