2023 ජූනි 16, පෙ.ව. 12:02
මුලතිව්, කේපාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී කඩා වැටීමෙන් එයට යටවූ වයස අවුරුදු තුනක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුල්ලියාවේලි පොලිසිය පවසනවා.
කේප්පාපිලව් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක් වු ආදවන් ලිදුසිකන් නමැති පිරිමි දරුවෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසුවා.
මිය ගිය දරුවා ගේට්ටුවේ එල්ලි දරුවා සෙල්ලම් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී අවසනාවන්ත ලෙස ගේට්ටුවේ ඇන ගැළවි දරුවාගේ ඇඟ මතට කඩා වැටී ඇති බවද මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී තිබෙනවා.
ගේට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් තුවාල ලබා බරපතල තත්වයේ සිටි දරුවා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසුවා.
දරුවාගේ මළ සිරුර මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර දෙමාපියන් වෙත භාරදීමට නියමිතය බවටද පරික්ෂණ සිදුකරන මුල්ලියාවේලි පොලිසිය වැඩිදුරටත් පැවසුවා.
වන්නි – රොමේෂ් මධුෂංඛ
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:10
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:11