2023 ජූනි 16, පෙ.ව. 3:27
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජනය කළ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ එම පක්ෂයේ නායකයින් අතර විශේෂ හමුවක් එම පක්ෂ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
ඒ, ඊයේ (15) බත්තරමුල්ල, නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදීයි.
දිස්ත්‍රික් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු නගරාධිපතිවරුන්, නියෝජ්‍ය නගරාධිපතිවරුන්, සභාපතිවරුන් මෙම හමුවට කැඳවා තිබුණා.
පක්ෂයක් ලෙසගත යුතු ඉදිරි තීන්දු තීරණ සම්බන්ධයෙන් ඇතුළු වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු සඳහන් කළා.
එම සාකච්ඡාවෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යයට අදහස් නොදක්වා පිටව ගියා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36