hit counter

2024 දෙසැම්‍බර් මස 29 වන ඉරිදා

2023 ජූනි 16, පෙ.ව. 4:03



ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ යාම කලබල විය යුතු දෙයක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරනවා.

පසුගිය දිනවල දී ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වන විට මහ බැංකුව ඩොලර් බිලියන තුනක ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත් ඩොලරට මේ මට්ටමින් හෝ පවතින්නේ ඒ නිසා බවත් හෙතෙම සඳහන් කළා.

ඩොලරයේ මිල තීරණය වන්නේ ඉල්ලුම සැපයුම නිසා බවත් එනිසා මෙම තත්ත්වය කලබල විය යුතු දෙයක් නොවන බවත් ඇමතිවරයා කියා සිටියා.

මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනේ ඊයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 311.60 ක් සහ විකුණුම් මිල රුපියල් 328.92 ලෙස දැක්වුණා.

මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය සතියේ ආනයන භාණ්ඩ 300ක පමණ ආනයන සීමා ලිහිල් කිරීමටද කටයුතු කළා.

තවදුරටත් ආනයනය සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුවක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී ක්‍රමානුකූලව එම සීමාද කරන බව මුදල් අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා.