2023 ජූනි 16, පෙ.ව. 11:51
බණ්ඩාරවෙල හීල්ඔය පුරාණ විහාරස්ථානයේ වසර අනු තුනකට පසුවය ඉදිකළ අටවිසි බුදු කුටි ඇතුළු බුදු පිළිම වහන්සේ විවෘත කිරීමේ පිංකම පසුගියදා පැවැත්වුණා.
ප්‍රදේශවාසීන්ගේ ද පරිත්‍යාගශීලීන්ගේ ද ආධාරයෙන් ඉදිකළ මෙම අටවිසි බුදු කුටි විවෘත කිරීමේ අවස්ථාව සඳහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.
මෙහි දී විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ සිටියේ හස්තිරාජයෙකු වීම කාගේත් කතාබහට ලක් වුණා.
බදුල්ල මුතියංගන රාජමහා විහාරස්ථානයට අයත් “මුතු” (මුතුබණ්ඩේ) හස්ති රාජයාගේ පින්වත් හොඬවැලින් මෙම බුදු කුටි විවෘත කිරීමේ කටයුතු සිදු කෙරුණු අතර පැමිණ සිටින දහස් ගණනක් ජනතාව සාදු හඬින් සහභාගි වූවා.
හීල්ඔය පුරාණ විහාරාධිකාරී පූජ්‍යපාද උලගල කුඹුරේ ඥානරතන හිමියන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි එම උත්සවය සංවිධානය කොට තිබුණා.







2026 අගෝස්තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්තු 26, පෙ.ව. 12:14
2026 අගෝස්තු 26, පෙ.ව. 12:10
2026 අගෝස්තු 25, පෙ.ව. 12:11