hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 ජූනි 17, ප.ව. 2:37



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පසුගිය මැතිවරණයේදී දිස්ත්‍රික්ක වලින් වැඩිම මනාප ගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර ලබා දීම සඳහා ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම මනාප ගත් කීපදෙනෙකුටම අනිවාර්යෙන් ඇමතිධුර හිමි වූ බවත් මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල සාකච්ඡා පැවැත්වූ බවත් පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව එම දිස්ත්‍රික් නායකයන්ට ප්‍රබල වගකීමක් ලබාදීමට එකඟතාවක් ඇති වී තිබෙන බවත් එය කැබිනට් ඇමතිධුරයක් හෝ වෙනත් ප්‍රබල තනතුරක් විය හැකි බවද වාර්තා වනවා.

ඒ අනුව ජෝන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම්. චන්ද්‍රසේන, සී.බී රත්නායක, රෝහිත අබේගුණවර්ධන, විමලවිර දිසානායක ඇතුළු පිරිසකට මෙසේ තනතුරු ලබාදීමට එකඟතාවකට පැමිණ ඇති බවද සඳහන්.