hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ජූනි 17, ප.ව. 2:46



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට වෙනත් නිල නිවාසයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා තිබෙනවා.

ඔහු දැනට සිටින්නේ කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි නිල නිවසකය.

ඒ වෙනුවට ඔහු ස්ටැනමෝර් චන්ද්‍රවංකයේ පිහිටි නිල නිවසක් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

නිල නිවාස මාරු කිරීමට ඔහු ඉල්ලා ඇත්තේ දැනට සිටින නිල නිවස අවට නිතර නිතර ශබ්ද ඇසෙන නිසා බවයි වාර්තා වන්නේ.

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා වසර කාලයක් ඇතුළත නිල නිවාස හතරකට මාරු වී තිබෙනවා.