hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 17, පෙ.ව. 9:33


පස් කන්දට යට වී මාමා, බෑණා මිය යයි

නුවරඑළිය නගර ආසන්නයේ පැරණි කච්චේරිය අසල පිහිටි නිවසක කොන්ක්‍රීට් තාප්පයක් ඉදි කරමින් සිටී පෙදරේරුවන් දෙදෙනෙකුගේ ඇඟ මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත්වි ඇති බව නුවරඑළිය පොලිසිය පැවසුවා.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ එකම පවුලේ මාමණ්ඩිය සහ බැණා වන ගාල්ල වැලිහේන ප්‍රදේශයේ පදිංචි පි.එම්.සි.රුක්ෂාන් (23) (බෑණා) සහ කේ.නිලන්ත (43) (මාමණ්ඩිය) යන අයයි.

පස් කන්දට සිර වි තිබු පුද්ගලයන් දෙදෙනා ප්‍රදේශවාසින් සහ පොලිසියේ නිලධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පිටතට ගෙන නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇති අතර අනතුරට පත් දෙදෙනා රෝහලට රැගෙන යන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව නුවරඑලිය පොලිසිය පැවසුවා.

මෙම කොන්ක්‍රිට් තාප්පය ඉදි කිරිම සදහා කොන්ත්‍රාත්තුව ලබාදෙන ඇති කොන්ත්‍රාත්කරු විසින් කිසිදු ආරක්ෂිත උපකරණ භාවිතා කර නොමැති බවට පොලිසිය විසින් කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි තිබෙනවා.

රෝහල වෙත රැගෙන ගිය සිරුරු පශ්චාර මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවද පොලිසිය පැවසුවා.