hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූනි 18, ප.ව. 3:45



තිරිඟු ඇට බදු සහන මත ආනයනය කොට පිටිකර අලෙවි කරන ප්‍රධාන සමාගම් දෙක එක් පිටි කිලෝවකින් රුපියල් 53ක අධික ලාභයක් ලැබීම නිසා ප්‍රධාන ආහාර ද්‍රව්‍ය රාශියක මිල වැඩිවීමෙන් රටේම පාරිභෝගික ජනතාව දැඩි ව්‍යසනයකට පත්වනවා පමණක් නොව රජයට හිමි විය යුතුව ඇති කෝටි ගණනක බදු ආදායමත් අහිමිවන ආකාරය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා.

තිරිඟු පිටි කර ආනයනය කිරිමේදි කිලෝග්‍රෑමයකට රුපියල් තිස් පහකට වැඩ බද්දක පනවා ඇති නමුත් 2002 සිට මේ දක්වා තිරිඟු ඇට ආනයනය කර මේරට දී පිටි කරන සමාගමවලට බදු සහනයක් ලබා දී ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සංගමසේ උපදේශක පි.එම්.අබේසේකර පෙන්වා දෙන්නේ පසුගිය 14 දින නිකුත් කළ නව ගැසට් නිවේදනය අනුවයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පෙන්වා දෙන්නේ මේ වනවිට තුර්කියේ තිරිඟුපිටි මෙට්‍රික් ටොන් එක්ක ඩොලර් 450 සිට 355 තෙක් අඩුවීමත් සමග තිරිගුපිටි ආනයනකරුවන් සියයට 15ක නව බද්ද, සියයට දහයක වරාය හා ගුවන් සේවා බද්ද, සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද, ගෙවා තිරිඟු පිටි කිලෝවක් රුපියල් 158කට අලෙවි කරද්දී බදු නිදහසේ ප්‍රතිලාභ ලබමින් තිරිඟු ඇට ගෙන්වා මෙරට දී පිටි කරන සමාගම් තිරිඟු පිටි කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 211කට බවයි.

Example Image