hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 17, ප.ව. 12:20


සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තනනම්

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරු තහනම් වනවා.

මෙම නියෝග උල්ලංඝනය කරන බවට ලැබෙන තොරතුරු ළගම ඇති පොලිස් ස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වන දින සිට ජුනි මස 01 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.