hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 ජූනි 19, පෙ.ව. 3:15



දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි කරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඊයේ (18) මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා පැවසුවේ කඩිනමින් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කළ යුතු බවට ද අදාළ අංශ වෙත දැනුම් දී ඇති බවයි.

කෙසේවෙතත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය වන අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ගණන් පහළ නොයෑම හේතුවෙන් තම නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම ගැටලුසහගත බවයි.