2023 ජූනි 19, ප.ව. 6:21
තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල අවධියේ මේ රටේ කිරි කර්මාන්තය නංවාලිමට උත්සහ කලද ඒ සදහා වගකිය යුතු රජයේ නිලධාරින්ගෙන් සහයෝගය නොලැබුණු බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.
නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේදි මධ්‍යම පළාතේ කිරි ගොවින්ට කිරි ගොවි උපකරණ බෙදා දිමේ උත්සවට සහභාගි වෙමින් අමාත්‍යවරයා ඒ බැව් පැවසුවා.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල අවධියේ දේශිය කිරි කර්මාන්තය සදහා අලුතින් කිරි ගොවින් 4000 ක් යොමු කල බවත්, ඉන් කිරි ගොවින් 1700 දෙනෙකු මධ්‍යම පළාත තුල සිටි බවයි.
දේශිය කිරි කර්මාන්තය නංවාලමින් පිට රටින් මෙරටට ආනයනය කරන කිරිපිටි පාලනය කිරිමට තමන් උත්සහ කලද ඒ සදහා වගකිය යුතු නිලධාරින් උනන්දු නොවු බවත්, එම නිලධාරින් උත්සහ කරමින් සිටින්නේ පිටරටින් මෙරටට කිරිපිටි ආනයනය කිරිමට බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36