hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූනි 20, පෙ.ව. 7:01



ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ඊයේ (19) සිට ලබන ජූලි 04 වන වැනිදා දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමෙන්තුව පවසනවා.

එමෙන්ම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වන බැතිමතුන් කිසිවෙකුටත් මත්ද්‍රව්‍ය පූජාභූමිය තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කෙසේ වෙතත් අදාළ කාල සීමාව තුළ දී රාජකාරි කටයුතු සිදු කිරිම සඳහා ඌව පළාත නියෝජනය කරන සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් අවට ප්‍රදේශවල රාජකාරියේ යෙදවීමට කටයුතු ක‍ර ඇති බව වාර්තා වෙනවා.