hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 ජූනි 20, පෙ.ව. 11:01



ඩෙංගු මර්දනය සඳහා බඳවා ගෙන සිටින ශ්‍රමිකයන්ගේ සේවය වහා ස්ථිර කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියා.

ඒ අද (20) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

ඩෙංගු නැවතත් බරපතළ වසංගතයක් බවට පත්ව තිබෙන බවද ඩෙංගු මර්දන කටයුතු විධිමත් කිරීම වෙනුවෙන් මෙම පිරිසගේ රැකියා ස්ථිර කරන්නැයිද ප්‍රේමදස මහතා සඳහන් කළා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ සඳහා පිළිතුරු ලබා දෙමින් මෙසේ සඳහන් කළා.

“විපක්ෂ නායකතුමා සමඟ මම 100% ක් එකඟයි. මොවුන් 2016 වසරේ දී බඳවා ගත්ත පිරිසක්. මේ අයට මූලික සුදුසුකම් කිසිවක් තිබුණේ නැහැ. නමුත් මේ වන විට වසර අටක් වැඩ කර තිබෙනවා. ශ්‍රම බලකායට රැකියා දෙනවා නම් මොවුන් ද ස්ථිර කළ යුතු බවට කැබිනට් පත්‍රිකා තුනක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන්ට ගෙවන්නේ දවසට රුපියල් හත්සියයි. ඔවුන් ඉන්න එකත් පුදුමයි. නැවත වතාවක් ඔවුන් ස්ථිර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා.”