hit counter

2025 මැයි මස 12 වන සඳුදා

2023 ජූනි 21, පෙ.ව. 12:30



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින්ට ඉදිරියේදී ඇමති තනතුරු ලැබෙන බවට සබරගමු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ඉඟියක් පළ කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ රත්නපුර පිහිටි කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කිරීමට පෙර පැවැති සුහද කතා බහකදීය.

ආණ්ඩුකාරවරයා සහ ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු මන්ත්‍රීවරු අතර මෙම කතා බහ ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

“ඉදිරියේදී ඇමති මණ්ඩල සංශෝධනයක් වෙනවා. එහිදී ජොනී ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයින් කිහිපදෙනෙකුට ඇමැති ධූර ලැබෙනවා” ආණ්ඩුකාරවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

“ඒ අයට දෙන්න ඕනි දිස්ත්‍රික්කවලට වැඩ කරපු අයනේ” ඇමතිවරිය එහිදී සඳහන් කර තිබෙනවා.