hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූනි 22, ප.ව. 12:35



ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ඩොලර් එවන විදේශ ශ්‍රමියන්ට වාසි රැසක් ලබා දෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළා.

ඒ මහතා මෙම අදහස් දක්වා සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

“ලංකාවට එවන ලද සියලු ප්‍රේෂණ සඳහා, මෙච්චර දවස් තිබුණේ ඉඳපු දින ගණන අනුව තමයි ඕනෑම ශ්‍රමිකයෙකුට තමන්ට හිමි ඩියුටි ෆ්‍රී අලවන්ස් එක හම්බුනේ ගුවන් තොටුපලේදී. එහෙම නැත්නම් බහාලුම් මධ්‍යස්‌ථානයකදී හම්බවුණේ. මේ අවස්ථාවේ ඉඳලා ගුවන් තොටුපල හරහා එන මගීන්ට ගුවන් තොටුපල හරහා නිෂ්කාශනය කරන්න පුළුවන් ප්‍රමාණය. ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක එවන ලද මුදල් ප්‍රමාණයට සාපේක්ෂව වැඩි කරන්න කටයුතු කළා. ඒ අනුව මහ බැංකුවත් ඒ වගේම භාණ්ඩාගාරයත්, සියලු දෙනා දැනට ලංකා රෙමිට් ඇප් එක හරහා එවපු මුදල් සහ අනෙකුත් බැංකු හරහා එවන ලද මුදල් ලංකා රෙමීට් ඇප් එක හරහා ඉල්ලීමක් කරලා ඒ ඇප් එකට ලබාගෙන ගුවන්තොටුපල හරහා එන කොට ඒක ඉදිරිපත් කලහම එවන ලද මුදලේ සාපේක්ෂව ඩොලර් විසිපන්දාහක විතර මුදලක් දක්වා තීරුබදු සහනය දැන් ලබාගන්න පුළුවන් එවන ලද මුදලේ හැටියට.

සාමාන්‍යයෙන් සාපේක්ෂව ගත්තොත් වෙනදා ගුවන් තොටුපලෙන් ආපු කෙනෙකුට සාමාන්‍යයෙන් මුදලක් එව්වත් ඒක දෙගුණයක තීරු බදු සහනයක් දැන් අපි ලබා දීලා තියෙනවා. මේ මුදල් එවීම වඩා ප්‍රවර්ධනය කිරීම සඳහා කරපු කර්තව්‍යයක්. ඊට අමතරව මේ විදේශ මුදල් එවපු අයට අපි සූදානම් කරලා තියෙනවා ශ්‍රමිකයින්ට ණය ක්‍රමයක් ලබා දෙන්න. මහ බැංකුවත් දැන් භාණ්ඩාගාරයට අනුමත කරලා ඉවරයි. බැංකු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයට ණයක් දෙන්න. ඊට අමතරව නිවාස අමාත්‍යංශයත් එක්ක අපි එකතු වෙලා විදේශ රටවල් වල ඉඳලා මුදල් එවපු අයට, එවන අයට, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සල්ලි වලින් ගෙවල් හදලා දෙනවා. ඒ ගෙවල් ගෙවලා ගන්න පුළුවන් විදියට දීර්ඝ කාලීනව පදිංචි වෙලා ගෙවන්න පුළුවන් විදියට ඒ අයට තවත් සහනයක් හදලා දීලා තියෙනවා.”

Example Image