hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජූනි 23, පෙ.ව. 9:46


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර, දුම්රියක් පීලිපැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා කියා සිටියේ මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස අද (23) උදෑසන පීලිපැනීමට ලක්ව ඇති බවයි.