2023 ජූනි 23, ප.ව. 4:49
කළුතර ප්‍රදේශයේ හෝටලයකින් ඇදවැටී තරුණයෙකු මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ජුලි මස 07 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධානාගාරගතකර තිබෙනවා.
සැකකරුවන් අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.
මේ අතර කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින සැකකාර උපකාරක පන්ති ගුරුවරයා ද අද අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ එම සැකකරු ද ජුලි මස 07 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධානාගාරගතකරන ලෙසටයි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42