hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 25, ප.ව. 8:49


30 වනදා නිවාඩුව බැංකු ගණුදෙනුවලට බලපෑමක් නැහැ – මහ බැංකු අධිපති

ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා කාලය ලබා දීම සඳහා ජුනි 29 සිට ජූලි 3 දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් සඳහා ජුනි 30 විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ බව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ.

එම කාලසීමාව තුළ බැංකු ගණුදෙනුවලට බලපෑමක් ඇති නොවන බවත් ඔහු අවධාරණය කරනවා.

දේශීය තැන්පතුවල ආරක්ෂාව සහතික කර ඇති අතර පොලීවලටද බලපෑමක් නැති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.